පහත දැක්වෙන ප්‍රදේශයන් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන බව කොවිච් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන බව රජයේ වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවෙදනය කරයි.්
01. මිනුවන්ගොඩ පොලිස් වසමේ
- නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම
- බටහිර ගඔලුව ග්‍රාම නිලධාරි වසම
- වරකාමුර ග්‍රාම නිලධාරී වසම (356)
- මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 බී)
- දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ (356 ඒ) මාත්තාව ගම්මානය
මෙයට අමතරව මඩකළපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරී වසම හුදකලා කර තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.
වයස අවුරුදු 79ක් වූ පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. මියගිය පුද්ගලයා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පුද්ගලයින් පිරිසක් ගොස් ඇති අතර, ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.