අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඔවුන් පයාගල, පොතුවිල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා කියා සිටියේ.
පසුගිය දෙසැම්බර් 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගැනුණා.
ඒ සමඟම එයට සහභාගී වූ පිරිස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට භාජනය කර තිබෙනවා.
එහිදී මනාලිය ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා.
පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.




