රෝහණ ප්‍රදීප කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ බොරැල්ල කනත්තේදී අද (25) පස්වරුවේ සිදුකෙරිණ.
භාෂා විශේෂඥයෙකු වූ එඩ්වින් ආරියදාසයන් සිංහලයට එක්කළ පාරිභාෂිත වචන දදහස් ගණනකි. ඒ අතර "රූපවාහිනිය", "අන්තර්ජාලය", "සජීවීකරණය" ප්‍රමුඛය අසූව දශකයේ රූපවාහිනිය ආගමනයේදී වැඩසටහන් සම්පාදනයට ඔහු සක්‍රීය ලෙස දායක විය. විද්‍යා ලේඛකයෙකු, සිනමා විචාරකයෙකු, පරිසරවේදියෙකු ලෙස ද එඩ්වින් ආරියදාසයන් කීර්තියට පත්ව සිටියේය. බහුවිධ විෂයයක්ෂේත්‍රයන් හි ප්‍රදර්ශනය කළ විෂධ බව නිසාම එතුමා “කලාකීර්ති” ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ මාධ්‍යවේදීහු, කලාකරුවෝ, අධ්‍යාපනඥයන් ඇතුළු පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.
ජනපති, අගමැති ඇතුළු පභූන්ගේ ශෝක පණිවුඩ මෙහිදී ප්‍රකාශකරන ලදි.
























