ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය ඉතිරියක්


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ( 19 ) දින කෝප් කමිටුවේදී පැවසීය.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව ( 19 )දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අදහස් දක්වමින් මෙම තොරතුරු ප්‍රකාශ කළේය.

විශේෂයෙන් පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසාත් තවත් හේතු කිහිපයක් නිසාත් මේ වාසිය ලබාගැනීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා බොරතෙල් මිල අඩු වීම නිසා පසුගිය වසර තුළ ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවට ලැබුණු ලාබය පිළිබඳ කොප් කමිටුවේදී කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, ශානක්‍යම් රාසමානික්‍කම්, යන මහත්වරු මීට සහභාගී වුහ. නිරීක්ෂක මන්ත්‍රීවරයෙකු ලෙස ඉසුරු දොඩන්ගොඩ මහතා ද මීට සහභාගී විය.

ඒසේම වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාවට තෙල් ගෙනයන නල මාර්ගය පීළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එය පිළිසකර කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් මේ නිසා මෙම නල මාර්ගයේ පවතින සෑම නිවෙස් අතුරින් අවශ්‍යතා සපුරන නිවෙස් සඳහා වෙනත් ස්ථානයකින් නව නිවෙසක් ලබාදීමට කටයුතු ආරම්භකර ඇති බවද ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ නිළධාරීහු මෙහිදී අනාවරණය කළහ. විශේෂයෙන් මෙම සෑම පවුලකටම නිවසක් දීමේ අවශ්‍යතාවය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙහිදී දීර්ඝව පෙන්වා දුණි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සහ හම්බන්තොට ප්‍රදේශයේ පවතින තෙල් ටැංකි ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීමේ හැකියාව පීළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමුවිය.

ඉන්ධන ගබඩාකොට තැබීම ධාරිතාවය වර්ධනය කිරීමට මුතුරාජවෙල සහ කොලොන්නාව පර්යන්තවල කටයුතු ආරම්භ කොට ඇති බවද ලංකා ඛනිජ තේල් නීතිගත සංස්ථාවේ නිළධාරීහු මෙහිදී පැවසූහ. මෙම හැකියාවන් පිළිබඳ ඉක්මනින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකොට කෝප් කමිටුවට වාර්තාවක් ලබාදීමට කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය

එසේම දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය ආරම්භ කිරීම පිළිබඳවත් කමිටුවේ අවදානය යොමු වූ අතර මේ වන විටත් සියයට තිස්ගණනක් දුම්රියෙන් තෙල් ප්‍රවාහනය සිදුවන බවත් එය 42% දක්වා ඉක්මනින් වැඩිකරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙම වැඩි වීම පිළිබඳ කෝප් කමිටුවේ ප්‍රසාදය ඵල විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය ඉතිරියක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය ඉතිරියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKjl0iEsvqUaXTkFPVJwvvAiRmKXwiec1nt7aT7mLn274OFQ_BOz1zI3H1ItAahz1wYg4O7ViUyCzryyPZDlYvVNyMUMmFv0yDDweppaLWIHoOaGTc9iyX5M3GXUh0iE31zrx6O3vzCw4/s16000/Ceylon-Petroleum-Corporation.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKjl0iEsvqUaXTkFPVJwvvAiRmKXwiec1nt7aT7mLn274OFQ_BOz1zI3H1ItAahz1wYg4O7ViUyCzryyPZDlYvVNyMUMmFv0yDDweppaLWIHoOaGTc9iyX5M3GXUh0iE31zrx6O3vzCw4/s72-c/Ceylon-Petroleum-Corporation.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/ceylon%20petroleum%20corporation.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/ceylon%20petroleum%20corporation.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content