ශ්‍රී ලංකාවෙන් කොරෝනා තවත් මරණ 3ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ යනවා.
මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.
මියගිය කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි අයෙක්.
ඇය පසුගිය දෙසැම්බර් 30 වන දින නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ බහුවිධ සංකූලතායි.
එමෙන්ම අනන්‍යතාව සනාථ කළ නොහැකි අවුරුදු 70ත් 80ත් අතර පසුවන පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.
ඔහු මරදාන පොලිස් වසමේදී හඳුනාගත් අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
මෙම පුද්ගලයා පසුගිය 30 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොරෝනා ආසාදනයයි.
මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරුකර යවා තිබූ එම පුද්ගලයා ඊයේ මියගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි.