ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවද අද (03) දින එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන් වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසි ද ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.