වැලිකන්ද සහ රඹෑව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් දෙදෙනාගේ ධුර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ එල්ලවී ඇති චෝදනා විමර්ශණය කරන තෙක් එම අත්හිටුවීම බලාත්මක වන බවයි.
ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරිය මහතාගේ කාර්යයන් ඉටු කිරීමට සහ එහි බලතල ක්‍රියාත්මක කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ජුනයිඩ් මොහොමඩ් පත්කර ඇත.
රඹෑව ප්‍රාදේශීය සභාවේ එම කාර්යයන් ඉටු කිරීමට සහ බලතල ක්‍රියාත්මක කිරීමට රඹෑව ප්‍රාදේශීය සභාවේ උප සභාපති සාලිබුගේ තයිබු මහතාට නියෝග කරන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.





