ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් තිබේ.
මොහු 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2021.01.13 වන දින සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2021.01.17 වන දින ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබියදී ඔහු මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇත.
ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වන මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වන අතර ඔහු ගේ ස්ථිර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවද ,දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් පසුව කොවිඩ් රෝගීන් 14 දෙනෙක් පමණ මෙලෙස පැනගොස් ඇති අතර එසේ පැනගොස් ඇති සියලුදෙනා මත්කුඩු හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවට වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ,
ඉහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති - දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් - 119