නව අධිකරණ ශාලා 100ක් රටපුරා


නව අධිකරණ ශාලා 100ක් රටපුරා ස්ථාපිත කර අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍වරයා මෙම අදහස් පල කළේ, දේශීය අරමුදල් රුපියල් මිලියන 16,500ක වියදමින් ඉදිකිරීමට නියමිත අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (25)දින  එක්වෙමිනි. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා,

“අද ඇරඹෛන මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව කිහිප ගුණයකින් ඉහළ දැමීමට කටයුතු කරනවා. මේ ආකාරයට භෞතික සංවර්ධනයෙන් පමණක් අධිකරණ ක්ෂේත්‍රය දියුණු වන්නේ නැහැ. ඒ සදහා මානව සම්පත සංවර්ධනය විය යුතුයි. නීති ක්ෂේත්‍රවලට අදාළ දේශිය අධ්‍යයන පහසුකම් ඒ වෙනුවෙන් අප පුළුල් කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්්ගේ පහසුකම් පිළිබදවත් අප අවධානයට යොමු කරනවා අද ඇරඹෙන අධිකරණ පියසෙන් ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලැබෙන බව” ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.


 මුල් අවස්ථා අධිකරණ නඩුවක් වසරක කාලයක් තුලත් උපරිමාධිකරණ නඩුවක් මාස 06ක කාලයක් තුලත් විසඳා අවසන් කිරීම රජයේ අරමුණයි.

 අධිකරණ යාන්ත්‍රණය යාවත්කාලීන කොට දියුණු රටවල් සමඟ ගැලපෙන පරිදි ප්‍රථම රටවල් පනහ අතරට ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ගෙන ඒමට නම් දිගුකාලීන සැලසුමක් ඇතිව විශාල පරිවර්තනයක් කලයුතුයි.


අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා සඳහන් කළේ, අළුත්කඩේ යන්න නීති වෘත්තියේ හා අධිකරණ ක්ෂේත්‍රයේ හදවත බවයි. මෙරට නීති පද්ධතියේ සිදුවන වෙනස්කම් වල හා ප්‍රගතීන් වල කැඩපතක් ලෙස අළුත්කඩේ උසාවි සංකීර්ණය දෙස ජනතාව බලා සිටින බවත් ජනතාව හා ජනතාව අතරත් , ජනතාව හා රජය අතරත් වරින්වර මතුවන ගැටළු කාර්යක්ෂම හා යුහුසුලුව අපක්ෂපාතීව විසඳාගැනීමේ ක්‍රියාවලිය අධිකරණයට භාරවී ඇති බවත් අමාත්‍යතුමා සදහන් කලේය. මෙරට අධිකරණ යාන්ත්‍රණය යාවත්කාලීන කොට අනෙකුත් දියුණු රටවල් සමඟ ගැලපෙන පරිදි අවම වශයෙන් ප්‍රථම රටවල් පනහ අතරට ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ගෙන ඒමට නම් දිගුකාලීන සැලසුමක් ඇතිව විශාල පරිවර්තනයක් සිදු කලයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.


අමාත්‍යවරයා  සඳහන් කළේ , යල්පැනගිය නීති සංශෝධනය කොට වර්තමානයට ගැලපෙන පරිදි නීති හදුන්වා දී, නවීන තාක්ෂණය නීති ගැටළු විසදීමට යොදා ගනිමින් වීඩියෝ තාක්ෂණය තුළින් සාක්ෂි ඉදිරිපත් කිරීම දක්වා දිගුකාලීන වැඩපිළිවෙලත් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවයි.


අධිකණ පියස ව්‍යාපෘතිය අවසානයේදී අළුත්කඩේ උසාවි සංකීර්ණය වෙනස් වන අතර මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ , වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ , මහේස්ත්‍රාත් අධිකරණ ඇතුලු අධිකරණ පද්ධතිය මෙම පරිශ්‍රය තුළ ස්ථානගත වන අතර මෙය මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ගොඩනැගීමේ හැරවුම් ලක්ෂය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 16.5ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත් කොළඹ නගරය තුළ මේ සඳහා වෙන්කර ඇති අක්කර 06ක ඉඩමේ වටිනාකම ද සැලකීමේදී ව්‍යාපෘතියේ මුලු වටිනාකම රුපියල් බිලියන 30ක් ඉක්මවා යන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

බරපතල නොවන රථවාහන වැරදි සඳහා දඩමුදල් ගෙවීමේදී අධිකරණ වල පැය ගණන් කාලය නිකරුනේ ගෙවා දමනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම අන්තර්ජාලය භාවිතා කරමින් දඩ මුදල් ගෙවීමට අවකාශය සලසාදීමේ ජනතා කේන්ද්‍රීය අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට කාලය එළඹ ඇති බවත් සඳහන් කල අමාත්‍යතුමා පෙන්වා දුන්නේ වත්මන් රජයේ අරමුණ, අතිගරු ජනාධිපතිතුමා ලබාදී ඇති උපදෙස් අනුව මුල් අවස්ථා අධිකරණ නඩුවක් වසරක කාලයක් තුලක් උපරිමාධිකරණ නඩුවක් මාස 06ක කාලයක් තුලත් විසඳා අවසන් කල යුතු බවයි.

මුල්ගල තැබීමේ අවස්ථාවට අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ , බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ නීතිපති දප්පුල ද ලිවේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විනිසුරුවරුන් නීතිඥවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නව අධිකරණ ශාලා 100ක් රටපුරා
නව අධිකරණ ශාලා 100ක් රටපුරා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg179xiJvn8wR6TeBDtvz8TtlVwKs9UKsbtEWFhDhh1OMkZtrZyrlnMw_PlTMdMNdwm5yMJk6Pr4vJKN9YzL1-udtEntEzlRGPMBNQ3AV6eoxfYvvb24oPgAXMdEToc1QKoIjFzgY6x2H8/s16000/7da4b2aa-b75c-43a3-b5e3-33481bbb4c6c.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg179xiJvn8wR6TeBDtvz8TtlVwKs9UKsbtEWFhDhh1OMkZtrZyrlnMw_PlTMdMNdwm5yMJk6Pr4vJKN9YzL1-udtEntEzlRGPMBNQ3AV6eoxfYvvb24oPgAXMdEToc1QKoIjFzgY6x2H8/s72-c/7da4b2aa-b75c-43a3-b5e3-33481bbb4c6c.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/court%20development.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/court%20development.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content