ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කර තිබෙන අතර එහිදී තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
තවත් පුද්ගලයින් 157 දෙනෙකු පී.සී ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි පොලිස් මාධ්‍යක ප්‍රකාශකවරයා පැවසුවේ.
පසුගිය අඟහරුවාදා සිට බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයින් 1022 දෙනෙකු පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.




