කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් කර තැබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය සදහන් කළා.
කොරෝනා ආසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු මෙලෙස තබා ඇති අතර ඉන් මළසිරුරු හතරක් අධි ශීතකරණය තුළත් තවත් මළ සිරුරක් ඉන් පිටතත් තැන්පත්ව ඇතැයි වෛද්‍යතුමිය පැවසුවාය. වෛරසය ආසාදිත මළ සිරුරු අධිශීතකරණය තුළ තැන්පත් ව තිබීමෙන් වෛරසය පැතිරීමට හේතුවක් වී ඇතැයි වෛද්‍යවරිය කීය.
කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පැය 24 තුල ආදාහනය කිරීමට නියමිතව වුවද මුස්ලිම් ප්‍රජාව ආදාහනයට අකමැති වීම හා ඒ සඳහා පෙට්ටි ලබාදීමට අකමැත්ත පළ කිරීමත් මෙන්ම එම කටයුතු රජයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙට්ටි මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන නොවීමත් හේතුවෙන් මළ සිරුරු මෙයාකාරයෙන් දින ගණනාවක් තැන්පත්ව තිබීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැඩි සෞඛ්‍ය ගැටලුවක් බව අධිකරණ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.




