යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්වය යලි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දෙයි ඔහු අවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කිරීමේදි නියාමන ව්‍යාපෘතියේ දි ඒ සදහා හදුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වීය යුතු බවයි.
සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ඊට අදාල ආයතන මේ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි. සංචාරක නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිලිබද සාකච්ඡා කිරීම සදහා (04) පැවති විශේෂ සාකච්ඡාවකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙම සාකච්ඡාව සදහා කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටු නියෝජිතයන්, සෞඛ්‍ය බලධාරීන්, මෙම යුක්රේන සංචාරය සංවිධානය කරන සංචාරක සංවිධාන, ඔවුන් රැදී සිටින හෝටල් වල නියෝජිතයන් සහ සංචාරකයන්ට නැරඹිමට යාම සදහා නම් කර ඇති ස්ථාන භාර රාජ්‍ය ආයතන බලධාරීන් එක්ව සිටියහ.
සංචාරක ඇමතිවරයා සමග ඇමති නාමල් රාජපක්ෂ සහ ඩි.වී. චානක යන අමාත්‍යවරුන්ද ඊට එක්වූහ.




