කොවිඩ් මර්දනය සදහා රුසියාව නිපදවන ලද ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රුසියානු බළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එරට වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා පිළිබඳ පර්යේෂණ ආයතනය අතර අන්තර්ජාලය ඔස්සේ මෙම රැස්වීම පවත්වා තිබෙනවා.
එන්නතේ කාර්යක්ෂමතාව සියයට 91.4 කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බවයි රුසියානු බළධාරීන් එහිදී දැනුම් දී ඇත්තේ.
සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ඒ බව තහවුරු කර ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
ස්පුට්නික් 05 එන්නත නිෂ්පාදනය සඳහා භාවිත කරන තාක්ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙනවා.
අවශ්‍ය සියලූ විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමග හුවමාරු කරගැනීමට සූදානම් බවත් වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය සහතිකවී තිබෙනවා.




