මෙරට කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ අනිවාර්යයෙන් ආදාහනය කිරීමට රජයගෙන ඇති තීරණය අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා.
ජගත් සංවිධානය පවසන්නේ එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කරලීම මෙරට මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට හා ආගමික වඇදිහිලිවලට පටහැනි බවයි. එමඟින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ව විනිශ්චයන්, අසහනය සහ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.
කොරෝනා ආසාදනයෙන් මියගිය බවට සැලකෙන පුද්ගලයින්ගේ මළ සිරුරු මිහිදන් කිරීම කොරෝනා වෛරස් හෝ අනෙකුත් බෝවන රෝග ප්‍රචාරණයේ අවදානම ඉහළ නංවන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර නොමැති නිසා එම සිරුරු නියත වශයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ජගත් සංවිධානය හඳුන්වා තිබෙනවා. එබැවින්, එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරතිබෙනවා.




