Header Ads

උණුසුම් පුවත්

ඉන්දීය එන්නත අපනයන කටයුතු අරඹයි


ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත ප්‍රතිපාදනයක් ලෙස භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවල් වෙත බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අදාළ එන්නත ලබාදීම සඳහා එම රටවල ඖෂධ නියාමන, නිශ්කාෂණ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවත් එම නිවේදනයේ සදහන්. 

කෙසේවෙතත් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එළඹෙන මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය සඳහා නිපද වූ එන්නතක් මෙරට ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි.