කොවිඩ් මර්දන කටයුතු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සදහා හමුදා නිලධාරීන් පත් කිරීම ගැටලූ සහගත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ජනවාරි පළමු වනදා සිට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු කොවිඩ් මර්දනය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියහ.
හමුදා ප්‍රධානින් පතිකිරීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ පරිපාලනය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
සෞඛ්‍ය පරිපාලනයේ කොවිඩ් මර්දනය සඳහා සහයෝගය නොදක්වන මෙන්ම හමුදා පරිපාලනය තරම්වත් සෞඛ්‍ය පරිපාලනය ලබාදිය නොහැකි, කළමනාකරණය කල නොහැකි අදක්ෂ සෞඛ්‍ය පරිපාලකයන් සිටිනම් එවැනි පිරිස් ඉවත් කරන මෙන්ද ඔහු ජනපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.