සාමාන්‍ය පෙළ සිසුන් පාසල්වලට පැමිණීම ඊයේ (25 වැනිදා) සාධනීය මට්ටමක පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. එම නිවේදනයට අනුව සිසුන්ගේ පැමිණීමේ වැඩිම ප්‍රතිශතය වන සියයට 65.5 මතුගම අධ්‍යාපන කලාපයෙනි.
අමාත්‍යාංශයට ලැබී තිබූ වාර්තා අනුව සෙසු කලාපයන්හි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයන් මෙසේය. කොළඹ- 26.81, හෝමාගම – 51.72, පිළියන්දල – 40.81, ශ්‍රී ජයවර්ධනපුර – 36.81, ගම්පහ – 42.12, මීගමුව – 52.43, කැලණිය – 49.46, හොරණ – 29.00 , කළුතර – 61.49 බස්නාහිර පළාතේ පාසල් මෙලෙස විවෘත වූයේ පසුගිය ඔක්තෝබර් මස 5 වැනිදාට පසුව ය. මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 79000ක් පමණ වෙයි.




