2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි

 


2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි.

2010 වර්ෂයේදී එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘‘උතුරටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්” යන තේමාව යටතේ උතුරු පළාතෙන්ද ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින්, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් රැසක් සහිතව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කටයුතු සැළසුම් කරන ලදි.

ඒ සදහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර මධ්‍යයේ අක්කර 10 ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන මීටර් 400 ක ධාවන පථයක්, මීටර් 50 ක පිහිණුම් තටාකයක්, පා පන්දු ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩා රැසක් කළ හැකි ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඇතුලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් රැසක් සහිත ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම ආරම්භ කර එහි ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන අතරතුර 2015 වසරේ බලයට පැමිණි යහපාලන රජය විසින් වැඩ අවසන් කර නොමැති මෙම කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණය අක්‍රමවත්ව හා නිසි ප්‍රමිතියකින් තොරව කඩිනමින් සකස් කර උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබුණි.

ක්‍රීඩා සංකීර්ණය නිළ වශයෙන් විවෘත කළ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාංගණය පරිහරණය කිරීමට නොහැකි වූ අතර, එහි අඩුපාඩු හා ඉතිරි ඉදිකිරීම් කටයුතු නිසි අධීක්ෂණයකින් තොරව අදාල කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරගෙන යන ලදි. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකර අවසන් වූ කොටස් පවා භාවිතයට නොගැනීම හේතුවෙන් විනාෂ වෙමින් පරිහානියට ලක් වෙමින් පැවතුණි.

නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරය භාරගැනීමෙන් පසු මෙම කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයට සිදුව ඇති හානිය හා එහි වත්මන් තත්ත්වය පිළිබද අවධානය යොමු කරන ලදි. ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වෙමින් අදාල නිළධාරීන් සමග සාකච්ඡා කර මෙහි ඉදිකරීම් කටයුතු ක්‍රමවත්ව හා විධිමත්ව ඉදිරියට කරගෙන ගොස් පවතින අඩුපාඩු සකස් කර 2021 ජනවාරි මාසයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික යොවුන් සේනාංකය වෙත පැවරීමට මේ වන විට කටයුතු සැළසුම් කර ඇත.

ඒ අනුව ජාතික යොවුන් සේනාංකය මගින් ඉදිරියේදී කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය මුල්කරගෙන මූලික අදියරේදී ඵලදායී අන්දමින් පහත සදහන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

01. යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක තුළ ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන නොමැති බැවින් ජාතික යොවුන් සේනාංකයක් මෙහි ස්ථාපනය කිරීම

02. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නැංවීමට මෙම මධ්‍යස්ථානය තුළ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ජාතික යොවුන් සේනාංකය හරහා ක්‍රියාත්මක කර එමගින් ඔවුන්ගේ විශේෂ ක්‍රීඩා කුසලතා සහ ජීවන කුසලතා වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම.

03. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන ඒකාබද්ධව එම සේවකයන්ගේ ශරීර සුවතා පහසුකම් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් මෙම මධ්‍යස්ථානය හරහා ලබා දීම.

04. ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සදහා මෙන්ම අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩා අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම.

05. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය, නායකත්වය හා පෞරුෂය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා සංස්කෘතියක් ඇතිකරීම සදහා මෙම කිලිනොච්චි ක්‍රීඩා සංකිර්ණය තුල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික යොවුන් සේනාංකය විසින් මේ වන විට කටයුතු සැලසුම් කර ඇත.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: 2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි
2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzruI9LnIr08tyf9AdjORigBnyYrNarSOxqmhg6O71ng_2vaL0uziGcmfCPvhO8dB-SYLQcUL5aEY3OETdrsHdYda7DRCT9a1LVW-L7ADNbGj3cFtl4W9N7qF3AGvx0WQpGbz-NH_6kHw/s16000/unnamed+%25281%2529+%25283%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzruI9LnIr08tyf9AdjORigBnyYrNarSOxqmhg6O71ng_2vaL0uziGcmfCPvhO8dB-SYLQcUL5aEY3OETdrsHdYda7DRCT9a1LVW-L7ADNbGj3cFtl4W9N7qF3AGvx0WQpGbz-NH_6kHw/s72-c/unnamed+%25281%2529+%25283%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/namal-rajapkshe-local-2021-sport.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/namal-rajapkshe-local-2021-sport.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content