කොරෝනා වෛරසයට පැණිය නිපදවූ කෑගල්ලේ ධම්මික කපු මහතා විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම පහරකෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇතැයි වාර්තාවේ.
මෙම වෛද්‍යවරයා පැමිණිල්ලේ පවසන ආකාරට ඔහු මීට සතියකට පමණ පෙර කෑගල්ලේ ධම්මික කපු මහතා හමුවීමට නිවෙසට ගොස් ඇත. එහිදී කපු මහතා වෛද්‍යවරයාට බැණ වැදී තර්ජනය කර ඇති අතර ඉන් පසු ඔහුට පහර දී ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය විසින් සිදුකරයි.