තැපැල් දුම්රිය ධාවනය නොවීම හා ලංගම බස් රථ යොදා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.
දෙපාර්තමේන්තු වාහන පමණක් යොදා ගනිමින් ලිපි බෙදා හැරීම මේ වනවිට සිදු කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් ලිපියක් බෙදා හැරීමට ගතවන කාලය දින දෙකකින් පමණ ප්‍රමාද වන බවයි ඔහු පැවසුවේ.
ඇතැම් නිලධාරීන් නිරෝධායනය වීම මෙන්ම පිට පළාත්වලට යන නිලධාරීන් සෞඛ්‍ය රෙගුලාසි මත නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් කාර්ය මණ්ඩලය අවශ්‍යතාව පරිදි යොදා ගැනීමේ අපහසුතා ද පැන නැගී තිබෙනවා.
දෛනිකව ලැබෙන ලිපි හා පාර්සල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇති.
එහෙත් ඒ සඳහා යොදා ගන්නා තැපැල් දුම්රිය පහම මේ වනවිට ධාවනය වන්නේ නැහැ.
ලිපි බෙදීමේ වැඩිම ප්‍රමාදය කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින බවයි තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ.




