Header Ads

උණුසුම් පුවත්

දළදා මාලිගාවෙන් නිවේදනයක්


ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බව දළදා මාලිගාව නිවේදනය කළා.දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාව සඳහන් කළේ.