මේ වන විට කැබිතිගොල්ලෑව හා වව්නියාව වැනි දුෂ්කර ප‍්‍රදේශවල පාසල්වලට ගුවන් හමුදා සාමාජිකයින් ගුරුවරු ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇති බවත් මෙය වර්තමාන රජය අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට, විවිධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ලෙස හා කෝවිඞ් මර්දනය සඳහා දිස්ත‍්‍රික් 25 ට හමුදා නිලධාරීන් පත් කිරීමේ කි‍්‍රයාවලියේ දිගුවක් ලෙස ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මේ පිළිබද වැඩිදුරටත් කරුණු සදහන් කරයි.
සිවිල් පුද්ගලයින්ගේ රාජකාරි සඳහා හමුදා සාමාජිකයින් පත් කිරීම තුළ රට මිලිටරිකරණයක් වීම නොවැලැක්විය හැකි බවත්, ගුරු සේවයේ නිලධාරීන් පත් කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ බඳවා ගැනීම් පටිපාටියක් තිබියදී මේ ආකාරයෙන් හමුදා සාමාජිකයින් පත් කිරීම පිළිගත නොහැකි තත්වයක් බව පෙන්වා දෙයි.
වර්තමානයේ ගුරු සිසු අනුපාතය 20:1 ක් ලෙස පැවතියදී අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ගුරු තුලනයක් නොකිරීම තුළ දුෂ්කර ප‍්‍රදේශවල ගුරු පුරප්පාඩු ඇති වී ඇති බවත්, එසේම ගුරුවරු ස්ථාන ගත කිරීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැති වීම ද දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.