මේ වනවිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන
සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට කොරෝනා මර්දන එන්න ලබා දී ඇති බව සීමාසහිත
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.
ඒ අනුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ
ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයින් සහ නිලධාරීන්ට ද , ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරීවල
නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා , ගුවන් හමුදා , පොලිස් , අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තු , ආගමන විගමන දෙපාර්තමේන්තු , ශ්‍රී ලංකා රේගු , තීරු බදු රහිත
සාප්පු සංකීර්ණයේ , ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් සහ සේවක
පිරිස් වෙත ද මෙම එන්නත් ලබා දී ත්බෙනවා.
මෙම එන්නත් ක්‍රියාවලිය
පසුගිය 17 දා දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර , එන්නත්
ලබා දී නොමැති ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී ත් මෙම කොරෝනා
මර්දන එන්නත් ලබා දීමට නියමිතයි.
මයට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ
සේවකයන්ට ද කොරෝනා මර්දන එන්න ලබා දී තිබෙනවා.












