රාජ්‍ය නායකයා ගිහින් මිනිස්සු හම්බවෙලා,
කථා කරනකොට ඒ අයට තියෙන අවස්ථාව නැතිවේ යයි
විරුද්ධවාදීන් බියවී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
"ගම සමග පිළිසඳර" වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
පළමුව පුත්තලම මුරියාකුලම කනිටු විදුහලට පැමිණි ජනාධිපතිවරයා පසුව කරුවලගස්වැව ප්‍රජා ශාලා පරිශ්‍රය වෙත පැමිණියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“මේ වැඩසටහනට විරුද්ධවාදීන් බොහෝමයක් ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නන්න. ඒ අය බය ඇති රටේ රාජ්‍ය නායකයා ගිහින් මිනිස්සු හම්බවෙලා, කථා කරනකොට ඒ අයට තියෙන අවස්ථාව නැතිවෙයි කියලා. බය වෙනකොට තවත් යන්න ඕනේ, තව බය කරන්න.
ඒක තමයි උපක්‍රමය. ඉතින් ඒ එක්කම මම කියන ඒවා වැරදිව අර්ථ කථනය කරනවා. මම ගිය හැමතැනකම වගේ ඉඩම් ප්‍රශ්න පිළිබඳව කිව්වා.
පාරම්පරිකව වගා කරපු තමන්ගේ වගා භූමිය වන රක්ෂණ, වනජීවි මායිම් ගල් දැමීමේ දී යම්කිසි දෝෂයක් නිසා පාරම්පරික ව වගාකරපු භූමිත් අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. මේ කතාව හැමතැනකම කිව්වා.
මම කිව්වා වගාකරපු බිම්වලට ඉඩ දෙන්න කියලා. ඒක මම දන්නේ නෑ ඇයි තේරුම් යන්නේ නැත්තේ කියලා. .
එහෙම තියෙද්දී වනාන්තරයේ ගිහින් කැලෑ
කපන්න අවසර දීලා නෑනේ. කැලයක් කපනවා නම් නිලධාරීන් වහාම නවත්වන්න ඕනේ. තමන් වගා
කරපු භූමි ගූගල් මැප් එකකින් බලලා ලකුණු කරාම වැරදි වෙන්න පුළුවන්. ඒවා නිවැරදි
කරන්න ඕනේ. සමාජ මාධ්‍යයත් බලා ඉන්නවා බොරු ප්‍රචාර යවලා මේක කඩාකප්පල් කරන්න.“
දිස්ත්‍රික්
සංවර්ධන කමිටුවට ඒ ඒ ක්ෂේත්‍රවල තීරණ
ගතහැකි නිලධාරීන් සහභාගි විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.






