මේවනවිට වෙළදපොළේ හිඟව ඇති වාහන ටයර් වර්ග කිහිපයක් කඩිනමින් නිෂ්පාදනය කර පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අවධානය යොමුව ඇත.
ඒ් අනුව මෙරට ටයර් සමාගම් සියල්ල සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.
මෙරට පාරිභෝගිකයන් සදහා අවශ්‍යව ඇති විශේෂ ටයර් කාණ්ඩ කිහිපයකම වෙළදපොළේ පවතින හිඟය පිළිබද අධ්‍යනයකින් පසු ටයර් සමාගම් සියල්ල සමඟ ඒ පිළිබද සාකච්ජා කොට ඉක්මන් විසදුම් සෙවීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවූ බව අමාත්‍යවරයා කියා සිටියේය.
අදාළ ටයර් කාණ්ඩ එකින් එක ගෙන සාකච්ජා කළ අතර ඒවා කඩිනමින් නිපදිවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා පැමිණ සිටි සමාගම් වෙත උපදෙස් ලබා දුන්නේය.
දින කිහිපයක් තුල අධ්‍යනයකොට දැනට වෙළදපොළේ නොමැති ටයර් වර්ග හැකි ඉක්මනින් නිෂ්පාදනය කොට වෙළදපොලට මුදා හරින ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙරට ටයර් නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්‍ය රබර් සීමිත වීම පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකසන ලෙස විමල් වීරවංශ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.





