පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු සදහා කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලකිව නතර කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 26 වැනි දින පෙ.ව. 8.00 සිට 28 වන දින ප.ව. 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්තාන අතර දුම්රිය මාර්ගය වසා තබන බවයි.
ඒ හේතුවෙන් මෙම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කෙසේ වෙතත් ලබන 28 වැනි දින ප.ව. 8.30 සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.




