කොවිඩ් - 19 වයිරසය මර්දනය සඳහා වූ එන්නත මෙරට ලක්ෂ තුනක ජනගහනයකට ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙයි.
එන්නත් 39,078 ක් පෙරේදා (20) දින ලබාදීමත් සමඟ මෙරට ජනගහනයෙන් 302,857ක් එන්නත්කරණයට ලක් කර අවසන් බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාපවසයි.
මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි මස 29 වැනිදා ආරම්භ කළ අතර දින 23 ක් පුරා සිදු කළ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.
මේ අතර වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ වන විට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකළ බවයි.
"අපි හිතනවා ලබන සති අන්තය වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ සිට ඊළඟ එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපට ලැබෙයි කියලා" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කොවිඩ් අවදානම පවතින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සියලුදෙනාටත්, ජනගහනයේ අවදානම් කණ්ඩාම්වලටත් මේ වන විට එන්නත ලබාදීම සිදු කෙරේ.




