ආන්දෝලනයකට තුඩුදුන් 2015 වසරේ සිදුවූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුව මාර්තු මස 18 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා.
භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කර රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ එම නඩුව ගොනුකර තිබෙනවා.
එම නඩුව අද (19) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.




