ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබාගත් පුද්ගලයන් රුපියල් කෝටි 400 ක ණය ගෙවීම් පැහැර හැර ඇතැයි එම අධිකාරිය පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් 1988-89 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් තුන්ලක්ෂ විසිදහසක පිරිසකට ණය ලබාදී තිබේ. ඒ අතරින් ණය ගෙවා අවසන් කර ඇත්තේ හැත්තෑනව දහසක් (79,000) පමණි.
එමෙන්ම 2015 වසරේ සිට මේ දක්වා කාලයේ පමණක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කෝටි 100 ක ණය මුදලක් අයවිය යුතුව ඇත.
ණය මුදල් ලබාගත් ඇතැම් පුද්ගලයන් මේ වනවිට මරණයට පත්ව ඇතැයි එම අධිකාරියේ සභාපති රේණුක පෙරේරා පවසයි. එම ණය වාරික ඔවුන්ගේ ඥාතීන්ගෙන් හෝ ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටී.
මෙම ණය වාරික ණයකරුවන්ගෙන් කඩිනමින් අයකර ගැනීමට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලබා ගන්නැයි රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න එම අධිකාරියට පසුගිය 11 වැනිදා ලිඛිත දැනුම් දීමක්ද කර තිබේ




