දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම අවශ්‍යතාව සපුරා ගත හැකි වන අතර පාසල් අයැදුම්කරුවන් ප්‍රවේශ පත්‍ර අඩුපාඩු සකස් කරගත යුත්තේ විදුහල්පති මගිනි. පෞද්ගලික අයැදුම්කරුවන්ට පෞද්ගලිකව වෙබ් අඩවියට පිවිස අඩුපාඩු සකස් කර ගත හැකි වෙයි.
එලෙස නිවැරදි කෙරෙන තොරතුරුවල පිටපතක් ලබා ගෙන එය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන විභාග ප්‍රවේශ පත්‍රයට අමුණා ශාලාධිපතිවරයාට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ (21 වැනිදා) පැවැසීය.
කොවිඩ් වයිරසය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් සියලුම විභාග මධ්‍යස්ථානවල වෙනම කාමරයක් වෙන් කෙරෙන බවත් මීට අමතරව කොවිඩ් ආසාදනය වී සිටින අයැදුම්කරුවන් සඳහා සෑම දිස්ත්‍රික්කයක ම මධ්‍යස්ථාන දෙකක් හෝ අවශ්‍යතාව මත ඊට වැඩි ප්‍රමාණයක් හෝ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ කෙරෙන අතර ඒ සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂ විසි දෙදහසක් පමණ පෙනී සිටිති.




