සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ, පෙර පැවති අයුරින්ම ලිඛිත විභාගයෙන් අනතුරුව පැවැත්වෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.
එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දින ඇතුලත් විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් පසුව නිකුත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ.
ඒ අනුව 40 – සංගීතය (පෙරදිග) / 41 – සංගීතය (අපරදිග) / 42 – සංගීතය (කර්ණාටක) / 44 – නැටුම් (දේශීය) / 45 – නැටුම් (භරත) / 50 – නාට්‍ය හා රංගකලාව (සිංහල) / 51 – නාට්‍ය හා රංගකලාව (දෙමළ) සහ 52 – නාට්‍ය හා රංගකලාව (ඉංග්‍රීසි) යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මෙලෙස පෙර පැවැති ආකාරයෙන්ම පැවැත්වෙනු ඇති.
ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රමවේදවල සිදුකරනු ලබන වෙනස්කම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කිරීමට අපේක්ෂිත බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියා.