රටේ ජාතික සමඟිය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කඩාකප්පල් කිරීමට ඉඩ ලබාදිය යුතු නෑ


රටක් වශයෙන් දුර ගමනක් යාමට නම් අපි අතර සහෝදරත්වය ශ්‍රී ලාංකිකත්වය ගොඩනගා ගත යුතු බවත් බෞද්ධ ඉගැන්වීම් තුළින් පෙන්වා දෙන්නේ ජාතීන් හා ආගම් අතර සමඟිය හා සහජීවනය එකිනෙකා පිළිබදව විශ්වාසයෙන් සහෝදරත්වයෙන් යුතුව ජීවත් වීමේ වැදගත්කම බවත් රටේ ජාතික සමඟිය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කඩාකප්පල් කිරීමට ඉඩ ලබාදිය යුතු නැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළේ කළුතර කටුකුරුන්ද ඈතගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය හා දේව මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (9) පෙරවරුවේ එක්වෙමිනි.

කටුකුරුන්ද ඈතගම ශ්‍රී සුමනාරාමාධිපති කළුතර තොටමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කටුකුරුන්දේ සුභූති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙම පුණ්‍ය උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අපි රටක් වශයෙන් යා යුතු දුර ගමන් කිරීමට නම් ජාතීන් අතර සහෝදරත්වය ශ්‍රී ලාංකිකත්වය ගොඩනගා ගත යුත යුතු බවත් ඒ සඳහා බුදු දහමෙන් යහපත් ආලෝකයක් ලබාගත හැකි බවත් රටේ ජාතික සමගිය එක් පුද්ගලයෙකුට හෝ කිහිපදෙනෙකුට කඩාකප්පල් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පැවසීය.

රටක් ලෙස ලඟා කර ගත යුතු ජයග්‍රහණ රාශියක් පවතින බැවින් ඒවා ළගා කර ගැනීමට අපි අතර පවතින මතබේදයන් දුරුකර ගනිමින් ජාතික උරුමයන් ආරක්ෂා කර ගනිමින් එකිනොකාගේ ආගම් වලට හා සංස්කෘතීන්ට ගරුකල යුතු බවත් සඳහන් කළේ ය.

නොබැදි ජාතීන්ගේ සභාපතිනිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය ලෝකයේ බොහොමයක් ප්‍රශ්ණ විසඳීමට කතා කළේ, එතුමිය බුදු දහමෙන් ලබාගත් පන්නරය තුළින් බවත්, ඉන්දියාව හා චීනය අතර පැවති යුධමය තත්වය සමථයකට පත්කිරීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වැනි ගුණාංග උපයෝගී කර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

මැදපෙරදිග රටවල ජනතාව බණ්ඩාරනායක රට යනුවෙන් ශ්‍රී ලංකාව හදුන්වන බවත් පලස්තීනය තුළ වෙනත් රටක නායකයකුගේ

නමින් මාර්ගයක් පවතින්නේ නම් ඒ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නමින් නම් කර ඇති මාර්ගය බවත් ඊට හේතුව එතුමා පලස්තීන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිම බවත් පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා සදහන් කාළේ, ශ්‍රී ලංකාව තුළ පවතින සහජීවනය පිළිබඳව ආඩම්බර වන බවයි. එකිනෙකා අතර අසමඟිය වෛරය පවතින තාක් සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

අවාසනාවකට මෙන් 2019 වසරේදී මුස්ලිම් සමාජයේ නොමග ගිය පිරිසක් හේතුවෙන් මෙරට ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු නොවිය යුතු සිදුවීමක් වූ බවත් ඒ පිළිබඳව පත්කළ විශේෂ කොමිෂන් සභා වාර්තාව තුළින් ඉදිරියේදී තොරතුරු හෙළි වනු ඇති බවත් එකිනෙකා අතර අසමගිය ඇති වුවහොත් එය ත්‍රස්තවාදීන්ට මිනීමරුවන්ට ඉඩ ලබාදීමක් බවත් ඒ සඳහා අපි අවස්ථාව නොදීම සඳහා ජාතික සමගිය ආගමික සුහදත්වය වැඩිදියුණු කරගත යුතු බවත් කීය.

බුදු දහමෙහි එන මිනිසකු බමුණකු හෝ වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බවත්,සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා වැනි හරයාත්මක ඉගැන්වීම් තුළින් ජන සමාජයේ ජාතීන් හා ආගම් අතර සමඟිය හා සහජීවනය ද එකිනෙකා පිළිබදව විශ්වාසයෙන් සහෝදරත්වයෙන් යුතුව ජීවත් වීමේ වැදගත්කම පෙන්වා දෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය. තවද , රජය ලෙස අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා මෙන්ම නඩු ප්‍රමාදය අවම කරමින් ව්‍යවස්ථාවේ පවතින විකෘති කිරීම් නිවැරදි කරමින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරමින් ඇති බවත් කඩිනමින් නඩු විසදීමේ ක්‍රමයකට යාම මෙරටට ආයෝජකයින් ගෙන්වා ගැනීමට ද විශාල දායකත්වයක් සැපයීමක් බවත් පැවසීය.

බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය අති පුජ්‍ය මලේගොඩ නන්ද ස්වාමීන් වහන්සේ සහ කළුතර තොටමුණේ සහ පස්දුන් රට ප්‍රධාන සංඝනායක පුජ්‍ය මාගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත් වු අතර ,ජාතික උරුම ප්‍රාසංගික කළා හා ග්‍රාමීය කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ;කාන්තා ළමා සංවර්ධන පෙර පාසල් අධ්‍යාපන හා පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ 94 කණ්ඩායම විසින් විහාරස්ථානයේ විදුලි ආලෝකය වෙනුවෙන් ස්ථාපිත කර තිබු සූර්ය බල ශක්ති පද්ධතිය විවෘත කිරීම ද මෙහිදී අධිකරණ ඇමැතිවරයා අතින් සිදු විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රටේ ජාතික සමඟිය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කඩාකප්පල් කිරීමට ඉඩ ලබාදිය යුතු නෑ
රටේ ජාතික සමඟිය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කඩාකප්පල් කිරීමට ඉඩ ලබාදිය යුතු නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYPr-6r6JHXKHJ2xX0qqMkLa4Afg23Rtfi_14B6QzkiDF0tCdSUZwE8dnaK1fS_i7QuG3d5U7d8rJ6-LrlurNQRUP8IEU9UdLPWzrxw5Qb3Prz3ru9_0-eKW3WSwilnNYCjs5SuaHM9Ak/s16000/58c597a6-c2ebea7f-ali-sabry-edited-_850x460_acf_cropped.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYPr-6r6JHXKHJ2xX0qqMkLa4Afg23Rtfi_14B6QzkiDF0tCdSUZwE8dnaK1fS_i7QuG3d5U7d8rJ6-LrlurNQRUP8IEU9UdLPWzrxw5Qb3Prz3ru9_0-eKW3WSwilnNYCjs5SuaHM9Ak/s72-c/58c597a6-c2ebea7f-ali-sabry-edited-_850x460_acf_cropped.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/ali%20sabry-ministry%20of%20justice.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/ali%20sabry-ministry%20of%20justice.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content