මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ මනාලියක් කොරෝනා ආසදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.
ඒ, අනුව මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගී වූ පවුල් 35ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කරනු ලැබුවා.
මංගල උත්සවයට අවශ්‍ය දෑ මිලදී ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් වෙත ගිය අවස්ථාවක මනාලියට මෙලෙස වෛරසය ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍යය බලධාරීන් සැක පළකරන්නේ.
මනාලයා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සදහා යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි.
කෙසේ වෙතත් ඔහු නිවසේම නිරෝධායනය සදහා යොමු කර ඇති අතර මනාලිය ප්‍රතිකාර සදහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නිවෙස්වල නිරෝධායනය සදහා යොමු කර ඇති පවුල් 35ට අදාළ පිරිස PCR පරික්ෂණය සදහා යොමු කිරීමට නියමිතයි.




