ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගියදා පත් කරනු ලැබූ ප්‍රවීණ ක්‍රිකට් චමින්ද වාස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.
ඔහු මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම යෙුමුකර ඇති අතර ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඔහු එක්නොවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යෑමට ආසන්නයේ සිටියදී ඉන් ඉවත්ව යෑම වගකීම් විරහිත කරුණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහ සහ රට වෙනුවෙන් චමින්ද වාස් ඉටුකළ සේවය සහ දැක්වූ දක්ෂතා ඉතා අගය කොට සලකනු ලබන අතර ලොවපුරා මුහුණදී ඇති මෙවැනි ආර්ථික වාතාවරණයක් තුල සිය පෞද්ගලික ආර්ථික වාසි පදනම් කර ගනිමින් මෙසේ ඉල්ලා අස්වීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එවැනි තත්ත්වයක් තුල චමින්ද වාස් වැනි ප්‍රවීණ ක්‍රීඩකයෙකු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම දඩමීමා කර ගනිමින් අවසන් පැයේදී මෙලෙස ඉල්ලා අස්වීම කිසිසේත් අනුමත නොකරන බවද සඳහන්.
චමින්ද වාස්ගේ ඉවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,





