අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද තාබ්‍ර නොහොත් බොබ්මාලි බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් මිතුරාද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙම අත් අඩංගුවට ගත් ඔහුගේ දෙවැනි විවාහයේ බිරිඳ ගේ වයස අවුරුදු 34 කි. නවාතැන් පහසුකම් පුද්ගලයාගේ වයස අවුරුදු 47කි. මේ අතර ප්‍රධාන සැකකරු වන බොබ් මාර්ලි නැමැත්තා සතුව තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඇල්පිටිය කැටපොල ප්‍රදේශයේ රබර් වත්තක හුදෙකලා නිවසකදී ප්‍රධාන සැකකරු වන බොබ්මාලි නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔව් දිගට වවා තිබූ කොණඩය කපා දමා තිබූ බවත් එම කොණ්ඩය ද බෑගයක දමා තිබී සොයාගත් බව පොලිසිය කියයි
සැකකාර පුද්ගලයා එම කොන්ඩය කපා ඇත්තේ වෙනත් පුද්ගලයකු එම නිවස වෙත ගෙන්වා පෙරේදා 7 බවත් ප්‍රශ්ණ කිරීමේදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචි නිවස අසල මාදු ගඟ ගඟ රක්ෂිත ද බෝට්ටු යොදා මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරිණි.
අත්අඩංගවට ගත් ප්‍රධාන සැකකරු 41හැවිරිදි පුද්ගලයකු වන අතර පොලිසිය එම නිවස වටලන අවස්ථාවේ දී සැකකරු කාමරයේ මෙට්ටයක් මත නින්දේ පසු වූ බවත් පොලිසිය කියයි
පොලිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහකාර පොලිස් අධිකාරී සේමසින්හ ,පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




