සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි ද පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඒ ලිපියෙන් ඇය දැනුම්දී ඇතැයිද වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ උඩවලව ඇත්අතුරු සෙවනේ රඳවා සිටින අලි පැටවුන් 14 දෙනෙකු එම අලින් සන්තකයේ තබ ගෙන වුන් චූදිතයන්ටම යළි පැවරීමට පසුගිය දා ගත් තීරණයට විරෝධය පළ කරමින්, ඇය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවද විවිධ මාධ්‍ය ආරංචිමාර්ග සඳහන්කරයි.
ඉෂිනි වික්‍රමසිංහ මහතා එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මෙම අධිකරණ නියෝගයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන සහ පරිසරවේදීන් දැනටමත් සංවිධානය වෙමින් සිටින් අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දැනටමත් දැවැන්ත විරෝධයක් අරඹා ඇත
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




