දැනට රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරුවේ රැස්වීමට නියමිතය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.
එදින පැනවූ ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව තිබුණේ පසුගිය මස 31 වැනිදාය . එහෙත් එදින රට විවෘත නොකෙරුණු අතර නිරෝධායන කාල සීමාව තවත් සති දෙකකට දීර්ඝ කෙරුණ අතර මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා සඳුදාය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේද සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේද ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර දේශපාලන පක්ෂ නායකයන්ගේද ඉල්ලීමක් අනුව රජය මෙසේ කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැණවූවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




