එක්සත් ජාතික පක්ෂය මුල සිටම පැවසූ ආකාරයට අදින් මාසයකට පෙර හෝ මාස එකහමාරකට කලින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවා නම් අහිමි වූ ජීවිත වලින් බාගයක්ම බේරා ගැනීමට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
ඇඳිරි නීතිය දැමීමෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වුවත් තවත් සතියකට නිරෝධායන ඇඳිරි නීතිය දිගු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කලේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග zoom මෘදුකාංගය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




