පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටි අලි 14 දෙනකු ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකසා කූට ලෙස ලඟ තබාගෙන සිටි චූදිතයන්ට ම නැවත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ සිටි මෙම අලින් මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත පැරණි හිමිකරුවන්ට ලබා දෙන ලෙස දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන පළ කළ දැඩි විරෝධය හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව කූට ලෙස අල්ලාගෙන ආ අලි පැටවුන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළා.
"අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා සන්තකය පැවරීම " නමින් 2021 මාර්තු මස 12 වන දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ආර්.එස්.සී.බී. රත්නායක විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශයට අනුව දැනට නීතිමය කටයුතු කරමින් පවතින හීලෑ අලි ඇතුන්ගේ සියලු ම නඩු කටයුතු ඉල්ලා අස් කර ගැනීමටත්, කොන්දේසිවලට යටත්ව හිමිකාරීත්වය දරණ පුද්ගලයන් වෙතම ලබා දීමටත් කැබිනට් අනුමැතිය ද හිමි වී තිබෙනවා.
කැලේ සිටින අලි පැටවුන් ඇල්ලීම 2000 වසරේ දී පමණ ආරම්භ වූ අතර 2014 වසර වන විට මව් ඇතින්න මරා දමා අලි පැටවුන් පැහැරගෙන යාම මහා පරිමාණ ජාවාරමක් බවට පත්විය. විශේෂ වන රක්ෂණ කලාපවල දී ද මෙම ජාවාරම සිදු වීම හේතුවෙන් ඒ සඳහා රජයේ අනුග්‍රහය ලැබෙන බවට ද චෝදනා එල්ල වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




