අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න -ජනපති කියයි


පවතින කොවිඩ් - 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට කියයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් දැක්වීය. ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහි ද සාකච්ඡා විය. සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යෝජනා කෙරිණ.

ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද තීරණය විය. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

සියලු සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව ව්‍යවසායකයෝ පැවසූහ.

කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් ක‍ළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු, සංචාරක කරමාන්තයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න -ජනපති කියයි
අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න -ජනපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_fLQuqJK_Wc5PctapnXjD8wP7RJm0ZOdY_dtS8VInmVooytSt0o1i1jwpSsg-p2jJwuS1LnvOyfiYit9kQQRT9fLiRzuQ4s6nUotPd9rLfFTrmPb_Mw9SQe0Jn7esyZ_53Dz9xUVbui0/s16000/Image-Top-Layout+%25281%2529+-+2021-02-18T120824.535.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_fLQuqJK_Wc5PctapnXjD8wP7RJm0ZOdY_dtS8VInmVooytSt0o1i1jwpSsg-p2jJwuS1LnvOyfiYit9kQQRT9fLiRzuQ4s6nUotPd9rLfFTrmPb_Mw9SQe0Jn7esyZ_53Dz9xUVbui0/s72-c/Image-Top-Layout+%25281%2529+-+2021-02-18T120824.535.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_38.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_38.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content