අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන මාර්තු 10 වනදා තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීමද තහනම් කර තිබෙනවා. තවද විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුයුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන අතර එම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




