මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සේවය යුධ හමුදාපතිවරයාගේ පැසසුමට


කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සමඟින් උරෙන් උර ගැටී වෙහෙසෙන මහජන පරික්‍ෂකවරුන්ගේ කැපවීම, සුවිශේෂි කාර්යභාරය මෙන්ම බිම් මට්ටමේ සිට මහජනයාට කරන සේවය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය (20) දා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැසසුමට ලක්කර තිබෙනවා.

මෙහිදී, ඔවුන්ගේ සේවය අතිගරු ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමන්ගේ මහත් ගෞරවයට පත් වී ඇති බවත් එතුමන්ලාගේ කෘතවේදී බව පැමිණ සිටින සියලු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට පිරිනමන බවත් වැඩිදුරටත් පැවසීය. අභියෝග හා අඩුපාඩුකම් මධ්‍යයේ ඔවුන් විසින් කරන රාජකාරිය යුද, ගුවන් හා නාවික හමුදාවන් සහ පොලිස් සාමාජිකයින්, සියලුම අංශයන්හී සෞඛ්‍ය සේවකයින් හා එක්ව එකම ඉලක්කයක් කරා රට රැගෙන යාමට උරදීම සම්බන්ධයෙන් යුද හමුදාධිපතිතුමා විසින් ඉතා අගය කරනු ලැබිණි. එමෙන්ම අප සියලුදෙනාගේම එකම අරමුණ වනුයේ එකම ඉලක්කයක් බවත්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් හට පැනනැගී ඇති අවශ්‍යතාවයන් පිළිබඳව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විමසූ අතර එහිදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා අගය කළේය.

තවදුරටත් එම අවස්ථාවේදී, මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර තාක්‍ෂණිකව හා කාර්මිකව ඉටුකරගැනීම උදෙසා ත්‍රිවිධ හමුදාවට භාරකරනු ලැබූයේ හමුදාවන් දිවයින පුරා ස්ථානගතව ඇති නිසාත් විනයගරුකව කැපවීමෙන් දිවා රෑ නොබලා යම් කාර්යයක් ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති බැව් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය. මෙම ජාතික කර්තව්‍යයේදී ප්‍රජාව හා ඍජුව සම්බන්ධ වන මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ වෘත්තීය දැනුම හා අත්දැකීම් ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වන බැවින් ඔවුන් හමුදාවන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කිරීම ඉතා මැනවින් සිදුවීම තුලින් ව්‍යවසනකාරි තත්ත්වයන් මැඩපවත්වා මෙතෙක් ලැබී ඇති ප්‍රගතිය ලබාගැනීමට හැකි වූ බව යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වාදෙන ලදී.

එමෙන්ම, දැඩි කැපවීමෙන් වෙහෙසෙන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක් ලබාදීමට කැප වී සිටින බවද පැවසු කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා, තාක්‍ෂණික සහය, උපායමාර්ගික ක්‍රමවේද මහජන සේවයේදි ඉතා වැදගත් බවද පැවසීය. විශේෂයෙන්ම එතුමන් මාධ්‍යට අදහස් දැක්වීමේදී ඉතා ප්‍රවේශමෙන් අදහස් පළකල යුතු බවත් නැතහොත් එම අදහස් විවිධ ආකාරයෙන් අර්ථකථනය කළහැකි බැවින් එමගින් වටිනා හා අර්ථවත් සේවයට අපකීර්තියක් ඇතිවිය හැකි බව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මෙම හමුව අමතමින් පසුගිය සති කිහිපය තුළ රෝගීන් 900 ක් පමණ වාර්ථා වූවත් මේ වනවිට දෛනිකව රෝගීන් 500 ක් පමණ වාර්ථා වීම තුලින් මෙම වෛරසය පැතිරයාම යම්තාක් දුරට පාලනය වී ඇතියැයි ගම්‍යවන බව ප්‍රකාශ කළේය.

මෙම හමුව ඇමතූ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ගේ සංගමයේ සභාපති එම්.ජී. උපුල් රෝහන මහතා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානිතුමන්ගේ නායකත්වය ඉතා අගයකරන බවත් සියලු පාර්ශවකරුවන් එක්ව කටයුතු කිරීම තුලින් මෙම වෛරසය මැඩපැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බව ප්‍රකාශ කළේය.

පැය 02 කට ආසන්න කාලයක් පැවති රැස්වීමට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඇතුලු වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, කර්නල් වෛද්‍ය සවීන් සේමගේ, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ගේ සංගමයේ සභාපති එම්.ජී. උපුල් රෝහන ඇතුළු තවත් නිලධාරිහු කිහිපදෙනෙකු ද සහභාගී වූහ.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සේවය යුධ හමුදාපතිවරයාගේ පැසසුමට
මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සේවය යුධ හමුදාපතිවරයාගේ පැසසුමට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdpMqhGSQyDN3Uxvor0OO3NzUp_GzJrU1Pkg15HNHc6kgFNOub3tqseUXsSrEysTRpJ68bheZIB0Ber50ciU_GrxNFM8O6C9pAU_hMmYTpY4MpFJZoWx7xtio0o8FD0Q8_AjNIsyDeKXY/s16000/20210220_covidpress_00.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdpMqhGSQyDN3Uxvor0OO3NzUp_GzJrU1Pkg15HNHc6kgFNOub3tqseUXsSrEysTRpJ68bheZIB0Ber50ciU_GrxNFM8O6C9pAU_hMmYTpY4MpFJZoWx7xtio0o8FD0Q8_AjNIsyDeKXY/s72-c/20210220_covidpress_00.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_94.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_94.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content