ශ්‍රිලංකා පොලීසිය කාන්තා නිලධාරිනියන්ට වෙනස් කොට සලකන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය වන අයුරින් කටයුතු කර ඇති බවට සහ ඇතැම් නිලධාරිනියන් පෞද්ගලික පළි ගැනීම්වලට ලක්ව ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි පොලිස් මූලස්ථානය අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළ බිම්ෂානි ජාසිං ආරච්චි, පසුගිය වසරේදී පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළ අතර, ඊට එරෙහිව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වන රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එමගින් ඔවුන් දක්වා තිබුණේ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට බිම්ෂානි ජාසිං ආරච්චි පත් කර ඇති බවයි. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන්ට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට අනුව ශ්‍රී ලංකා පොලීසිය තුළ ද තනතුරුවලින් සියයට 15ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන්ට ලබාදීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ.




