ප්‍රමුඛතාව ලබාදෙමින් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත කඩිනමින් ජනමාධ්‍යවේදීන්ට ද ලබාදීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ජනමාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලබන රාජකාරිමය කටයුතුවල ස්වභාවය අනුව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුන්ට සහභාගී වීමට සිදුවන බැවින් කොවිඩ් වෛරස අවදානම ඇතිවන කණ්ඩායමක් ලෙස මාධ්‍යවේදීන් හඳුනාගෙන ඇති බව අදාළ නිවේදනයේ සදහන්.
විවිධ රාජතාන්ත්‍රික සාකච්ඡා, සම්න්ත්‍රණ ආවරණය කරනු ලබන මාධ්‍යවේදීන් සිය අවදානම නොතකා කටයුතු කරන බවත් එම නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල කාර්යය මණ්ඩල මෙන්ම මාධ්‍යවේදීන්ට මෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන ලෙස ලේකම්වරයා ඉල්ලා ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම ඉල්ලීම සිදුකර ඇති අතර මීට පෙර අමාත්‍යවරයා ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්යය සාධක බළකායෙන් එම ඉල්ලීම සිදුකර තිබුණා.
එමෙන්ම මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ආයතන රැසකින්ද පවතින තත්ත්වය මත මාධ්‍යවේදීන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදෙන ලෙස විවිධ ඉල්ලීම් සිදුකර තිබුණි.