මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.
කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා කියා සිටියා,
පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අද තැපෑලට යොමු කරන අතර කිසියම් අපේක්ෂකයකුට යම් ගැටළුවක් ඇති වුවහොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලයේ 0112 785211, 0112785212, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208, 0112 784537 දුරකථන අංක අමතන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.