මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලික තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.
පසුගිය දිනක ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී මිය යාමත් සමග එම භූමියේ පවතින අනාරක්ෂික භාවයට විසදුම් ලබාදෙන තෙක් මෙම තීරණය ගෙන ඇත.
දේශීය විදේශීය සංචාරකයින් නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රාත්‍රිය ගත කිරීම නිසා සංචාරකයින්ට සිදුවන අනතුරු මෙන්ම පාරිසරික වශයෙන් ද හානි සිදුවේ.
ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා තිබේ.




