පාකිස්තානයේ සිට මෙරටට රැගෙන එමින් තිබු මත්කුඩු තොගයක් සහ ගිනි අවි කිහිපයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දියානු මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ධීවර යාත්‍රාවේ මත්කුඩු කිලෝ 300ක් සහ ගිනිඅවි 5ක් තිබෙන බවටයි මෙරටට ලැබී ඇති තොරතුරු වල සඳහන් වන්නේ .
මෙම බහුදින යාත්‍රාව දකුණු මුහුදේ සිට ජාත්‍යන්තර මුහුදට ගොස් ඉරාන නෞකාවකින් මෙම මත්කුඩු හා ගිනිඅවි පටවාගෙන එන අතරතුර ඉන්දියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
හෙට දවස තුළ මෙම යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට නියමිතව තිබුණත්, ඒ බව කල්තියා දැනගත් මෙරට පොලිසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව සමග මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
එහෙත් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මොවුන් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.




