අද අපේ රටට...හෙට ලොව වෙන ඕන ම රටකට විය හැකියි- අධ්‍යාපන අමාත්‍ය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත රටවල් හා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය අතර පැහැදිලි වි‍භේදනයක් තිබෙනවා. මහකොමසාරිස්තුමියගේ කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධ ව ඉතා ම පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරලා තිබෙන්නේ. අසාධාරණ ලෙස, අසුබවාදී ලෙස සහ සෘණාත්මක ලෙස වර්තමාන ආණ්ඩුව කරන දේ ගැන බැලීමට එතුමියගේ කාර්යාලය කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධ ව අපේ ර‍ජය රටක් වශයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා යැ යි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

එම කාර්යාලයේ විෂය පථය ඉක්මවා තමයි මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන්නේ. ජිනීවා කවුන්සිලයට තබා වෙනත් කිසි ම කවුන්සිලයකට බැහැ නීතිමය වශයෙන් හෝ සාරධර්මීය වශයෙන් රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙලා අත දාන්න. අද ඒක කිසිම පැකිලීමකින් තොරව සිදුවෙලා තිබෙනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20වන සංශෝධනය, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත්, ත්‍රස්තවාදය තුරන් කිරීමේ පනත ආදිය අහෝසි කරන්නට කියලා. රාජ්‍ය සේවයේ පත්වීම් පිළිබඳ විවේචන ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකාවේ ජනතාව ගැන තීන්දු තීරණ ගන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්. අපේ කාරණා ගැන අපි තීරණ ගත යුතුයි. මේවා අධීක්ෂණය කරන්න විදේශීය ආයතනයකට පවරන්න කිසිසේත් ම නොහැකියි. එහෙම කරනව නම් මේ රටේ උත්තරීතර නීතිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවසථාව සෘජුව උල්ලංඝනය කිරීමක්. අපි අභ්‍යන්තර කටයුතු කරන්නේ දේශීය යාන්ත්‍රණ මඟින්. සංහිඳියා හා උගත් පාඩම් කොමිසම, පරණගම කොමිසම, උදලාගම කොමිසමආදිය පත් කෙරුණා. තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් තවත් කොමිසමක් පත් කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නීත්‍යනුකූල ව බැඳී සිටිනවා එවැනි දේශීය යාන්ත්‍රණවලට සහයෝගය ලබා දෙන්නට.

මේක ඉතාමත් අයහපත් පූර්වාදර්ශයක් මුළු ලෝකයට ම. කොමසාරිස් කාර්යාලයට වගකීමක් පවරනවා ශ්‍රී ලංකාවට විරුද්ධව සාක්ෂි එකතු කරන්නට. ඒවා විශ්ලේශනය කරන්නට. ඒ සඳහා ඔවුන් මුදල් වෙන් කරනවා. නිලධාරීන් පත් කරනවා. රටට විරුද්ධව වැඩපිළිවෙළක් නිර්මාණය කරලා ඉදිරියට ගෙනයාම සඳහා. අද එය ලංකාවට විරුද්ධව කරයි. හෙට එය අනෙක් රටවලට විරුද්ධව කරයි. ඒ නිසා එය ඉතා භයානක, හෙළා දැකිය යුතු පූර්වාදර්ශයක්.

රජයක් විදියට එක දෙයක් කියන්න කැමතියි. ඒ තමයි මේ රජය රණවිරුවන් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. එය අපේ ප්‍රමුඛ වගකීමක් සහ යුතුකමක්. අනිත් රටවල් මේක කරලා තිබෙනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඒ අයගේ හමුදා පිටරටවල්වල කරපු දේවල් සම්බන්ධයෙන් වුණත් ඒ හමුදාවන්ට සම්පූර්ණ රැකවරණය දෙන පරිදි නීති රීති සම්පාදනය කරලා තිබෙනවා. රටතුළ පමණක් නොව පිටරටකදි වුණත් නඩු පවරන්න බෑ. දඬුවම් දෙන්න බෑ. ඒ රටවල ත්‍රිවිධ හමුදාවන්ට පූර්ණ ආරක්ෂාව සලසා දෙන්නට කටයුතු කරනවා. ඊටත් ඉස්සරහට ගිහින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අලුත් වගන්ති එකතු කරන්නට වුණත් අපි සූදානම් අපේ රණවිරුවන් ආරක්ෂා කරන්නට. ඡන්දය කුමක් වුවත් ඒ ක්‍රියාමාර්ගය අපි අනිවාර්‍යයෙන් ගන්නවා.

මේ සම්බන්ධව ඉතා පැහැදිලිව විදේශ අමාතය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මේ යේජනාව අත්සන් කරලා තිබෙන රටවල් 40 ම වගේ නියෝජනය කරන්නේ ලෝකයේ එක කොටසක්. උතුරු ඇමරිකාව හා බටහිර යුරෝපය. ආසියානු මහද්වීපයේ කිසිදු රටක් මේ යෝජනාවට අත්සන් කරලා නැහැ. අප්‍රිකානු මහද්වීපයේ 01 රටක් පමණයි අත්සන් තබා ති‍බෙන්නේ. ඒ අනුව පැහැදිලිව පෙනෙනවා මේ යෝජනාවෙන් පිළිබිඹු වෙන්නේ ගෝලීය මතය නොවන බව. බොහොම පටු භූගෝලීය පදනමක් මතයක් තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. ඇත්තට ම මේක හාස්‍යයට කරුණක්. ලොව භයානක ගැටලු උද්ගත වන්නේ ලංකාවේ ද කියා සිතා බලන්න. ඇස් හැර බලන්න. මේකට හේතුව තමයි විදේශීය ආණ්ඩුවලට, විදේශීය දේශපාලන පක්ෂවලට සහ ඩයස්පෝරාවේ තිබෙන හිතන්න බැරි තරම් වූ බලය. සංවිධානාත්මක ජාලයක්, අසීමිත මුදල් කන්දරාවක් වෙන්කරගෙන මේ දැවැන්ත වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට විරුද්ධව මේ ජාත්‍යන්තර තලයේ සිදුකරගෙන යන්නේ. මේ වැඩපිළිවෙළ කිසිසේත් අපේ රටේ හෝ ජනතාවගේ ශුබසිද්ධියට අදාළව බලපාන දෙයක් නෙමෙයි. විදේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා දියත් කරන ලද පියවරෙන් පියවර ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් බව පැහැදිලියි. ඔවුන් පසුගිය යහපාලන රජය කෙරෙහි දැක්වූ සහ අනුගමනය කළ ප්‍රතිපත්තිය මේ රජය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික සිද්ධාන්තයක් තමයි සියලු ම රටවල් එක සමාන ලෙසට සැලකිය යුතුයි කියලා. නමුත් මේවා කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැහැ.

පළාත් සභා ඡන්දය කල් දැමීම ගැනත් රජයට චෝදනා කරනවා මෙහි දී . පළාත් සභා ඡන්දය කල් දැමුවේ පසුගිය යහපාලන රජය. වර්තමාන රජයට ඒ සම්බන්ධ කිසිදු වගකීමක් ගන්න බැහැ. පළාත් සභාවලට තිබුණු මැතිවරණ ක්‍රමය ‍අහෝසි කළා. ඊට පස්සේ තර්ක කළා මැතිවරණය තියන්නේ කොහොමද කියලා නිශ්චය කිරීම ගැටලුවක් කියලා. කාන්තා නියෝජනය වැඩි කරන්නට මුලින් ගෙනා පනත වෙනුවට අවසානයේ තුන්වෙනිවර කියවද්දි තිබ්බේ සහමුලින් ම වෙනස් පනතක්. එක මන්ත්‍රීවරයෙක් තමන් ගෙනා යෝජනාවකට විරුද්ධව තමන් ම ඡන්දය පාවිච්චි කළා. පළාත් සභා ඡන්දය කල් දාන්න මේ හැම දෙයක් ම කළා. පනත සම්මත කර ගනිද්දි 2/3ක් තිබ්බෙ නැහැ. එතකං පාර්ලිමේන්තුව කල් දාලා හෙලිකොප්ටර්වලින් ම්න්ත්‍රීවරුන් ගෙන්න ගත්තා. දමිළ සන්ධානයේ 16දෙනාගෙ ම සහයෝගය ලබා ගත්තා. පැහැදිලි ආකල්ප දෙකක් පසුගිය රජය සහ වර්තමාන රජය සම්බනධ ව මානව හිමිකම් කොමසාරිස්වරියට තියෙන්නේ.

ප්‍රතිඵලය කුමක් වුවත් අවුරුදු 70කට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් රටක් වශයෙන් අපි අපේ යුතුකම් ඉටු කරනවා.

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරද්දි වුණු සිදුවීමක් සම්බන්ධයෙන් ඒ නිලධාරීයාට විරුද්ධව බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරුවා. එහි ඉහළ අධිකරණයක් තීරණය කරලා තියෙනවා ඔහු කිසිම වරදක් කරලා නැහැ. ඔහුට නීතියේ රැකවරණය ලැබෙනවා කියලා. ජාත්‍යන්තර නීතිය හා වියානා සම්මුතිය යටතේ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට නීතියේ ආරක්ෂාව ලැබෙනවා කියන පදනම මත තමයි එම තීන්දුව ලබා දී තිබෙන්නේ. නමුත් අපි එතනින් නතර වෙන්නේ නැහැ. මෙය ද්වේශ සහගත ව අධිකරණයට යොමු කළ අයගෙන් නඩු ගාස්තු අය කර ගැනීමට අපි උත්සුක වෙනවා. යනුවෙන් ද පැවසී ය. ‍

මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ද එක් විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අද අපේ රටට...හෙට ලොව වෙන ඕන ම රටකට විය හැකියි- අධ්‍යාපන අමාත්‍ය
අද අපේ රටට...හෙට ලොව වෙන ඕන ම රටකට විය හැකියි- අධ්‍යාපන අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivBjlTbH0I4qjTiV9e_x1WnCbaNXB90xv_TAm0Y6VdOTV7hKAGZoDiR8GW3nTevhdTw6jvvi2zIejmpvn6weUk_1v1fj4phYaan3qn48H6duBax8P_dtE3E-JVrZguY5xCvnrIuRuT-lY/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivBjlTbH0I4qjTiV9e_x1WnCbaNXB90xv_TAm0Y6VdOTV7hKAGZoDiR8GW3nTevhdTw6jvvi2zIejmpvn6weUk_1v1fj4phYaan3qn48H6duBax8P_dtE3E-JVrZguY5xCvnrIuRuT-lY/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Education-Minister.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Education-Minister.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content