ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ(23) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50කට අඩු මට්ටමක පැවැතිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතී. විශේෂයෙන්ම මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නගරයක් බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී යාමක් සිදු නොවෙයි.
එමෙන්ම කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින බැවින් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශ මෙම වායු ගෝලයේ රඳා පැවැතීමක් ද සිදු නොවේ.නමුත් ඇතැම් අවස්ථාවල දී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශ කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබේ. වායු දූෂණයෙන් සියයට 65කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම් බැවිනි.
එමනිසා කොවිඩ් 19 අවසන් වුවත්, මහනුවර නගරයේ දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැගී පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිසා එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන වන විනාශයන් සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා වන විනාශයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන අසත්‍ය කරුණු නිසා සත්‍ය කරුණු යට යන බවත්, එමගින් විශාල හානියක් සමාජයට සිදු වන බවත් කීය. විදේශ රටවල සිදුවන කැළෑ කැපීම්, ගස් කැපීම්වල ඡායාරූප ඇතුළත් කර ඒවා ශ්‍රී ලංකාවේ සිදුවන බවට ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් පවා මුහුණු පොතට ඇතුළත් කර තිබේ.
අප රටේ නොවැඩෙන ඕක් ගස් පවා කපන දර්ශන ඇතුළත් ඡායාරූප සිංහරාජයේ වන විනාශයන් ලෙස දක්වා තිබේ. එමෙන්ම ඇමසන් වනාන්තරයේ සිදු කරන පරිසර හානි සිංහරාජයේ සිදුවන පරිසර හානි ලෙස ද දක්වා පළ කර ඇත. මෙවැනි කටයුතුවලින් වළකින ලෙසත් සැබෑ පරිසර හානි පෙන්වා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.




