උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ - අග්‍රාමාත්‍ය


රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 17 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

මෙහි දී සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණූ හා රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවේ අවධානය යොමු කළේය.

මෙහි දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය වාර්තාවක් ඉදිරිපත් කරමින් කොවිඩ්-19 වසංගතය සමඟ ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙන බව පෙන්වා දුන්නේය. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩිවිය හැකි බව මහ බැංකු නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ඒ අනුව දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමත්, දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමට අවශ්‍ය බව මහ බැංකු නියෝජිතයෝ පැහැදිළි කළහ.

ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් සහල් මෙට්‍රික් ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණය සතොස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විමසා සිටියේය.


භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට එකඟත්වය පළ කළ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී රවිප්‍රිය මහතාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

මෙයට අමතරව වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළඳ පොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික් ටොන් 25000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට ද මෙහි දී අවධානය යොමු විය.

රට තුළ සහල් හිඟයක් නොමැති බව කී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙරට පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් රට තුළ නිෂ්පාදනය වී ඇති බව හෙළි කළේය.

එමෙන්ම අවුරුදු සමයේ එළවළු මිල පහළ යනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.

මේ අතර පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් පළ කරමින් ඉදිරියේ දී සතොස හරහා අඩුමිලට පොල් අලෙවි කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බව කීවේය.

ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ කළ බැසිල් රාජපක්ෂ මහතා, කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් පියවරට වර්තමානයේ සහය ලබා දීම යුතුකමක් බවත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෂීන්ද්‍ර රාජපක්ෂ, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුඹුර,ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වූහ.


 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ - අග්‍රාමාත්‍ය
උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ - අග්‍රාමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIo2X35S8Abe6Vqx49_xmVLOoNMeAiGetANt5SBeW3oFby__zccJjMHO38IpcmQjDRrRl2PESy8vOPIj5Wb2xSNfylA-vwPmInkRqTXcaWd_1E5aidYl5ztv04Y0FoWeMUxKk0ePBhFio/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIo2X35S8Abe6Vqx49_xmVLOoNMeAiGetANt5SBeW3oFby__zccJjMHO38IpcmQjDRrRl2PESy8vOPIj5Wb2xSNfylA-vwPmInkRqTXcaWd_1E5aidYl5ztv04Y0FoWeMUxKk0ePBhFio/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Gas-price-wont-be-increase-said-by-prime-minister.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Gas-price-wont-be-increase-said-by-prime-minister.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content